venerdì 7 ottobre 2016

ලලනායනය - උපුල් ශාන්ත සන්නස්ගල

0


කෘතිය - ලලනායනය
ප්‍රවර්ගය - ස්වතන්ත්‍ර/ප්‍රබන්ධ
කර්තෘ - උපුල් ශාන්ත සන්නස්ගල
ප්‍රකාශනය - සංහිද ප්‍රකාශන
මිල රු. 700/=
‘‘...1415 හයවැනි පරාක්‍රමබාහු ලංකාවේ රජවෙනවා. එයාගෙ දුවෙක් තමා ලෝකනාථා. පරාක්‍රමබාහුට ළමයි නැති නිසා එයා හදාගන්නව දකුණු ඉන්දීය කුමාරයෙක් නන්නූර්තුනයාගර් කියල. තොටගමුවේ කුමාරයත් මේ වගේ දරුකමට හදාගත්ත කෙනෙක්. සපුමල් කුමාරයා යාපා පටුන ජයගන්නකොට නන්නූර්තුනයාගර් ලෝකනාථා දේවිය කසාද බදිනවා. නමුත් ළමයි නෑ. ඒ බැන්ද දුකට රාහුලයන් මහණ වෙනවා. මේ දෙපළට ළමයි නැති නිසා රාහුල හිමි කම්පාවෙනවා. ඒ හන්දා ලියනවා සැළලිහිණි සංදේශය. කැලණියේ විභීෂණ දෙවියන්ට යවන සංදේශයක්. ඒ වගේම කාව්‍යශේඛරයත් ලියන්නේ උලකුඩය දේවියටමයි. රාහුල හිමියන්ට මෙච්චර ඇම්ම මොකක්ද ලෝකනාථාට දරුවො හදන්න කියන ‘‘අදහස‘‘ සහ මේ කුමාරයාගේ සැබෑ පීතෘත්වය ගැන ‘‘උපකල්පනයක්‘‘ කරල තමයි මේ කෘතිය ලියන්න ගිහින් තියෙන්නේ කියල ලේඛකයා කියල තිබුණා.

0 commenti:

Posta un commento