venerdì 7 ottobre 2016

ලලනායනය - උපුල් ශාන්ත සන්නස්ගල

0


කෘතිය - ලලනායනය
ප්‍රවර්ගය - ස්වතන්ත්‍ර/ප්‍රබන්ධ
කර්තෘ - උපුල් ශාන්ත සන්නස්ගල
ප්‍රකාශනය - සංහිද ප්‍රකාශන
මිල රු. 700/=
‘‘...1415 හයවැනි පරාක්‍රමබාහු ලංකාවේ රජවෙනවා. එයාගෙ දුවෙක් තමා ලෝකනාථා. පරාක්‍රමබාහුට ළමයි නැති නිසා එයා හදාගන්නව දකුණු ඉන්දීය කුමාරයෙක් නන්නූර්තුනයාගර් කියල. තොටගමුවේ කුමාරයත් මේ වගේ දරුකමට හදාගත්ත කෙනෙක්. සපුමල් කුමාරයා යාපා පටුන ජයගන්නකොට නන්නූර්තුනයාගර් ලෝකනාථා දේවිය කසාද බදිනවා. නමුත් ළමයි නෑ. ඒ බැන්ද දුකට රාහුලයන් මහණ වෙනවා. මේ දෙපළට ළමයි නැති නිසා රාහුල හිමි කම්පාවෙනවා. ඒ හන්දා ලියනවා සැළලිහිණි සංදේශය. කැලණියේ විභීෂණ දෙවියන්ට යවන සංදේශයක්. ඒ වගේම කාව්‍යශේඛරයත් ලියන්නේ උලකුඩය දේවියටමයි. රාහුල හිමියන්ට මෙච්චර ඇම්ම මොකක්ද ලෝකනාථාට දරුවො හදන්න කියන ‘‘අදහස‘‘ සහ මේ කුමාරයාගේ සැබෑ පීතෘත්වය ගැන ‘‘උපකල්පනයක්‘‘ කරල තමයි මේ කෘතිය ලියන්න ගිහින් තියෙන්නේ කියල ලේඛකයා කියල තිබුණා.

martedì 17 novembre 2015

යශෝධරා - නෙළුම් මලේ කුමරිය පරිවර්තනය : ආනන්ද අමරසිරි

0



Lady of the Lotus - William Edmund Barrett
යශෝධරා - නෙළුම් මලේ කුමරිය 
පරිවර්තනය : ආනන්ද අමරසිරි 
මිල : රු 780/-
පිටු 658
ප්‍රකාශන - සූරිය ප්‍රකාශනයක්

සටහන- අනන්ත වූ සංසාරේ භවයෙන් භවයට නොසැලී එකට හිදිමින් දුක සතුටද සමසේ විද ගනිමින් සිදුහත් කුමරුට සෙවනැල්ලක් වී ඔහු පසු පස ආ යශෝධරාවන්ගේ උත්තරීතර පෙම ගැන කියැවෙන විලියම් ඊ.බැරට් නම් කතුවරයාගේ Lady of the Lotus නම් කෘතියේ සිංහල පරිවර්තනය " යශෝධරා ".

lunedì 9 novembre 2015

සොඳුරු දඩබිම - පරි.යසපාල වනසිංහ

0


සොඳුරු දඩබිම
පරි.යසපාල වනසිංහ
මිල
සටහන
බ්‍රිතාන්‍ය පාලන සමයේ ලන්කා වැසියාට දුන් ගැහට වලට අමතරව , වනයේ සතුන්වද අප්‍රමාණ ලෙස මරාදමමින් වින්දනයක් ලැබූ සමුවෙල් බේකර්ස් ගැන දැක්වෙන පොතකි. මෙය ලිවූ බේකර්ස් ඉතා කුරිරු පුද්ගලයෙකු වන අතර ලන්කාවේ පමනක් නොව ඉන්දියාවේ , රොමේනියාවේ වැනි බොහෝ රටවල සතුන් සොය සොයා ගොස් දඩයමේ යෙදී මරා දැමූ අතර අප රට බේකර්ස් ඇල්ලද මොහු විසින් සොයා ගත්තායැයි සැලකේ. දඩයමේ යන අතර අහම්බෙන් ඔහු මෙම ඇල්ල දැක ඇති අතර එයට ඔහුගේ නමින් නම් කර ගත්තද සත්‍ය වශයෙන්ම එය ගෝනගල ඇල්ලයි.

giovedì 29 ottobre 2015

සුවඳ විලවුන් - අෂානි ශාලිකා රණසිංහ

0


සුවඳ විලවුන්
කතෘ -  අෂානි ශාලිකා රණසිංහ
ප්‍රකාශන -
මිල

සටහන-
18 වැනි සියවසේ ප්‍රංශයේ ජීවත් වූ සුවඳ විලවුන් නිශ්පාදක ජෝන් බැප්ටිස්ට් ලෝකයේ ශ්‍රේෂ්ඨම සුවඳ විලවුනය නිපදවීමේ අරමුණෙන් ඝාතකයකු වීමේ කතාව. 

mercoledì 28 ottobre 2015

ඉනික්බිත්තෙන් - යමුනා මාලිනි පෙරේරා

0


ඉනික්බිත්තෙන්
කතෘ -  යමුනා මාලිනි පෙරේරා
ප්‍රකාශක-
මිල

සටහන-
ඕනෑම කෙනෙකු තවකෙනෙකු වෙත ආදරයෙන් නොව 'තෘෂ්ණාවෙන්' බැඳුනහොත් සියලු විනාශ පටන්ගන්නේ එතැනිනි. ප්‍රේමයට සේම අඹුදරු මා පිය දූ දරු ප්‍රේමයටත් ඒ ධර්මතාව පොදුය.

ආදර අංකුර - සමන් අතාවුදහෙට්ටි

0


ආදර අංකුර
කතෘ - සමන් අතාවුදහෙට්ටි
ප්‍රකාශක-
මිල-

සටහන-
කාන්තාවන් තම ගර්භාෂ මුදල් තකා කුලියට දීම ජාවාරමක් වීමත් ඉන් නොනැවතී අමුතු ආකාරයේ ජාවාරම් ඒ තුලින් මතුවී ඒමත් මේ මගින් සියුම්ව ඉදිරිපත් කෙරේ. ඉන්දියානු සැබෑ දේශපාලනය මෙන්ම සමාජ ආර්ථික කාරණා මනාව විද ගැනීමට අවස්ථාවක් පාඨකායාට හිමිවන අතර, සියලුම ජාවාරම් දම්වැල් පුරුකක් මෙන් එකට බැදී ඇති අයුරු මොනවට පැහැදිලි වෙයි. මෙහි කථානායිකාව වන සිම්රන් සාමාජසේවිකාවක් වන අතර, ඇය රහස්පරීක්ෂක වරියක් ලෙස යොදා ගනිම්න් කථාව ගෙනයයි.

lunedì 26 ottobre 2015

කුරිරු සුරංගනා කථාවක් - පියල් කාරියවසම්

0


කුරිරු සුරංගනා කථාවක්
කතෘ - පියල් කාරියවසම්
ප්‍රකාශන- සරසවි ප්‍රකාශන
මිල රු. 300

හොඳම ස්වත්‍රන්ත කෙටිකථා සංග්‍රහය 2015
කුරිරු සුරංගනා කථාවක් - පියල් කාරියවසම්(රාජ්‍ය සම්මාන)

සටහන -
 මෙහි එන කතා අද දවසේ අප අත් විඳින්නා වූ කොන් කිරීමට සහ අමතක කිරීමට බල කරන්නා වූ සාහසික නිමේෂයන් ග‍්‍රහණය කර ගැනීමට කොන්දේසි විරහිතව හා සූක්ෂමව ව ක‍්‍රියාකාරි වීමකි.