giovedì 29 ottobre 2015

සුවඳ විලවුන් - අෂානි ශාලිකා රණසිංහ

0


සුවඳ විලවුන්
කතෘ -  අෂානි ශාලිකා රණසිංහ
ප්‍රකාශන -
මිල

සටහන-
18 වැනි සියවසේ ප්‍රංශයේ ජීවත් වූ සුවඳ විලවුන් නිශ්පාදක ජෝන් බැප්ටිස්ට් ලෝකයේ ශ්‍රේෂ්ඨම සුවඳ විලවුනය නිපදවීමේ අරමුණෙන් ඝාතකයකු වීමේ කතාව. 

mercoledì 28 ottobre 2015

ඉනික්බිත්තෙන් - යමුනා මාලිනි පෙරේරා

0


ඉනික්බිත්තෙන්
කතෘ -  යමුනා මාලිනි පෙරේරා
ප්‍රකාශක-
මිල

සටහන-
ඕනෑම කෙනෙකු තවකෙනෙකු වෙත ආදරයෙන් නොව 'තෘෂ්ණාවෙන්' බැඳුනහොත් සියලු විනාශ පටන්ගන්නේ එතැනිනි. ප්‍රේමයට සේම අඹුදරු මා පිය දූ දරු ප්‍රේමයටත් ඒ ධර්මතාව පොදුය.

ආදර අංකුර - සමන් අතාවුදහෙට්ටි

0


ආදර අංකුර
කතෘ - සමන් අතාවුදහෙට්ටි
ප්‍රකාශක-
මිල-

සටහන-
කාන්තාවන් තම ගර්භාෂ මුදල් තකා කුලියට දීම ජාවාරමක් වීමත් ඉන් නොනැවතී අමුතු ආකාරයේ ජාවාරම් ඒ තුලින් මතුවී ඒමත් මේ මගින් සියුම්ව ඉදිරිපත් කෙරේ. ඉන්දියානු සැබෑ දේශපාලනය මෙන්ම සමාජ ආර්ථික කාරණා මනාව විද ගැනීමට අවස්ථාවක් පාඨකායාට හිමිවන අතර, සියලුම ජාවාරම් දම්වැල් පුරුකක් මෙන් එකට බැදී ඇති අයුරු මොනවට පැහැදිලි වෙයි. මෙහි කථානායිකාව වන සිම්රන් සාමාජසේවිකාවක් වන අතර, ඇය රහස්පරීක්ෂක වරියක් ලෙස යොදා ගනිම්න් කථාව ගෙනයයි.

lunedì 26 ottobre 2015

කුරිරු සුරංගනා කථාවක් - පියල් කාරියවසම්

0


කුරිරු සුරංගනා කථාවක්
කතෘ - පියල් කාරියවසම්
ප්‍රකාශන- සරසවි ප්‍රකාශන
මිල රු. 300

හොඳම ස්වත්‍රන්ත කෙටිකථා සංග්‍රහය 2015
කුරිරු සුරංගනා කථාවක් - පියල් කාරියවසම්(රාජ්‍ය සම්මාන)

සටහන -
 මෙහි එන කතා අද දවසේ අප අත් විඳින්නා වූ කොන් කිරීමට සහ අමතක කිරීමට බල කරන්නා වූ සාහසික නිමේෂයන් ග‍්‍රහණය කර ගැනීමට කොන්දේසි විරහිතව හා සූක්ෂමව ව ක‍්‍රියාකාරි වීමකි.

ලලී - ආරියවංශ අබේසේකර

0


ලලී
කතෘ - ආරියවංශ අබේසේකර
ප්‍රකාශක-
මිල-

සටහන-

 "ලලිත මනමේන්ද්‍ර" ඒක තමා උප්පැන්නෙ නම.
"ස්ත්‍රී පුරුෂ භාවය - පුරුෂ"
"ලලිත කියන නමත්,කටේදි මොකක්ද මොකක්ද වෙයි. ලලිත කියන නමට වඩා පාසලේ කාටත් හුරුව තිබුනේ ලලිතා කියන නමය. ලලී පාසලට ඇතුලු වෙද්දී එහි ලලිතා කියා වැඩිමහලු ශිෂ්‍යාවක සිටි හෙයින් , ලලිත කියන නමට වැඩි ආයුෂක් තිබුනේ නැත. එහෙයින් ලලිතද කෙටි වී ලලී විය. ලිලී නැන්දා සිටියේ ගමේ මිස පාසලේ නොවන හෙයින්,ඇගේ නමත් සමග ලලීගේ නම කිසිදා පැටලුනේ නැත."

සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

0


සෙංකොට්ට්ං
කතෘ - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
ප්‍රකාශක- සංථව ප්‍රකාශන
මිල-

සටහන- "උඹට කියන්න,අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ,වංසා රිදී කියල.කුණුහරුප කියවනවා කටේ නොගෑවී .මගෙ ඔන්න ඔය එක පලහිලව්වකදී මගෙ ලගින්ම ඉඳගෙන මෙන්න මේ මං උඹගේ හිත හදන්නවගේ ම මයේ හිත හදන්න හරි හරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වගේ ම මතකෙ තියනවා...ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕනෑ විගඩමක් නැටුවට කමක් නැත්තේ ය හැබැයි ඔය පිරිමි ජාතිය මහා අමුතු ජාතියක් අත නිකං තියා ගෙන ඉන්න උන්ට කිසිම පුරුද්දක් නැත, අන්න ඒ හින්ද උඹ ලග තියෙන ඔය හක්ගෙඩි දෙකයි ,පංචා බෙල්ලයි විතරක් උන්ගේ නොහොබිනාකන් වලට පරිහරණය කරන්න දෙන්න එපා ය කියලා...බලපන් රත්තරනේ,එක මොනතරන් මසුරන් වටිනා කතාවක් ද කියල. ඕනෑම ළමිසියෙකුට මිනිහෙක් එක්ක යන්න කලින් දෙසැරයක් හිතන්න ඒ කතාව මොන තරම් වටිනවද කියල.. "